කිඳුරු වලප....
අවපස සඳ දියයි...
අවලං බඹදතුන් අපුලයි...
පිරිපතම ලියලයි...
පිළුණු කම්රස ගොළුව වලඳයි...
දිවි වරපට ලිහී...
ඇස උල්පත බිඳී...
උඩුබැල්ලෙන් වැටී...
සඳගිරි පව්වේ කිඳුරි...
හාමත් ලැම තුඩින්...
පැටවුන් වඩනු කෙලෙසින්...
මිහිදන්ය දෙවියන්...
කිඳුරු වලපට ලය පැලීමෙන්...
කිඳුරිය මියැදුනා...
සසර බන්දන දැනුනා...
කිඳුරිය මියැදුනා...
.. මනමේ කුමරිය උපත ලැබුවා....
....”සත්තමයි බඹදතුනේ ,
කිඳුරිදුට රහසේ ,
හැම රැයක්ම ගානේ ,
ඔබ ගැනයි මා සිහින මැවුවේ”....
...නිරාමිස ලය ඇවිලේ
සරාගික ලැම නිබද දැල්වේ....
කිඳුරු වලප ලෙස නම් කල කව තුලින් කාව්‍ය රස වින්දනයෙන් ඔබ්බට ඇදෙන සංවේදී සත්‍ය සමාජ විවරණයක් ගම්‍ය කිරීමේ ඇවැසියාව තිබිණි.මෙහිදී පුරාණෝක්ති දෙකක් මුසුකර ගන්නා ලදී.
1) සඳ කිඳුරු ජාතකය.
2) මනමේ කතාව.
මහා පතිනි ගුණයෙන් සුසැදී සඳ කිඳුරු ජාතකයේ චන්ද කින්නරාවිය වර්තමානයේ හමු විය.එදා කින්නරාවියට පතිදම් රැකීමේ ගුණය පමණක් නොව බඹදතුන් ගේ කරුනාව මුසු පසුතැවීමේ ගුණයද , සක් දෙවිඳුගේ බැල්මද තිබුණි.දරු රැකීමේ මහා සංග්‍රාමයක් නොතිබිණි.සිතිය යුතු වුයේ පතිදම් රැකීමේ මඟ පමණි.
නමුදු වත්මන් කිඳුරියට මතු කී ගුණයන් බොහොමයක් අහිමිය.හිමිව ඇත්තේ පතිදම් රැකීමේ ගුණය පමණකි.එම ගුණයෙන් පමණක් කිඳුරු කව ගලා යන්නේ කෙසේද?මියැදුනු කිඳුරාට පන දීමට දෙවියන් අවැසිමය.නමුත් වත්මනේ දෙවිඳුන් මිහිදන්ව ගොසිනි.
අවපසේත් සඳ දිය සොයන්නී වැඩෙන ජිවන පිරිපතින් දැවෙන්නීය.ඇය දකින පිහිට,මිලේච්ච මිනිස් පිරිමියා අනෙකකු නොව පිරිපත ගෙනා බඹදතුන්මය.ඇයට ඔහු අපුලය.ඔහුගේ කම්රස පිළුණුය.එය නැවුම් නොවන්නේ බඹදතුනට අන්ත:පුර ඇති බැවිනි.නමුදු ඇය මේ සියල්ල ඉවසන්නේය.මන්ද දිවි වරපට ලිහී ඇති බැවිනි.නෙත් කඳුළු නොනැවතී දෙවියන්ද පිහිටට නැත.මිහිමත දෙපා තබා ජීවන ගමන තරණය කල නොහැකිය.කිඳුරිය අසරණ වන්නී සංසාර බන්ධන නිසාවෙනි.
... හාමත් ලැම තුඩින් - දරුවන් වඩනු කෙලෙසින්...
පතිදම් බෙලෙන් උණුවන දෙවියෝ කොහෙද?වර්තමාන වැන්දඹු පතිවත රැක ගැනීමේ මහා ඛේදවාචකය මෙහිලා දකින්නෙමි.පතිදම් බෙලෙන් දිවිය දැකීමේ විශ්වාසයේ අපේක්ෂාවන් දැල්වීමට තරම් ජීවිතය පහසු නැත.සසර බන්ධන සැර වැඩිය.මවකගේ සෞම්‍ය අමරණිය ගුණය ඉස්මතු වන්නේය.සමාජ ඉල්ලුමට සැපයිය හැකි දෙය ඇය සතුය.එනිසා ඇයගේ පතිවත ඉඳුල් වේ.කිසිඳු ආඩපාලියක් නොමැතිව නිර්ලෝභීව ඇය දරුවන් වෙනුවෙන් කැපවේ.හාමත් ලැම තුඩු බර වේ.දරු රැකේ.සඳගිරි පව්වේ කිඳුරිය මෙන් හිමියා සමග මියෙන්නට නොසිතන්නේ මෙම ජීවිතාවබෝධය නිසාමය.වැන්දඹු කිඳුරිය අධ්‍යාත්මිකව මියැදෙන්නීය.මනමේ කුමරිය උපන්නේ එනිසාය.
මනමේ කුමරිය චපල යැයි නොඅදහන්නෙමි.එය හුදෙක් ස්ත්‍රියක් සතු වහා වටහා ගැනීමේ ගුණයයි.ස්ථානෝචිතප්රඥාවයි.එලෙසට වර්තමාන කිඳුරු වැන්දඹුවද තම නව මංතොට ස්ථිර කරගන්නීය.
‘ඇත්තමයි බඹදතුනේ,
කිඳුරිදුට රහසේ,
හැම රැයක් ගානේ,
ඔබ ගැනයි මා සිහින මැවූවේ..’
ඇය මෙසේ කීවද සඳ කිඳුරු ජාතකයේ කිඳුරියම වන්නේ නිරාමිස ලය ඇවිලෙමින් තිබියදීත් සරාගික ලය නිරුවත් බැවිනි.මෙය මෙසේ වුවද ඇය ආදරණිය කිඳුරිමය.
- ප්‍රියා කුමාරසිංහ -